CRICK VIDU's user profile page. Match highlights, posts and more on site!“” Report User |
එංගලන්තය තමන්ගේ පන්දු යැවීමේදී ඊයේ අසාමාන්‍ය ක්‍රමවේදයක් අනුගමනය කලා. ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිකරණය ක්‍රීඩා ලෝලීන් තුල තවදුරටත් ඇති කරන්නේ කලකිරීමක් #PasuDakma #KeliBimeKeli #SLvsEng3rdT20
ශ්‍රී ලංකා පිල එංගලන්තය ඉදිරියේ වාර්තා කල අඩුම 20-20 ලකුණු සංඛ්‍යාව සටහන් කලේ වාර්තා කිහිපයක් අලුත් කරමින්. පිතිකරණයේ තිබූ පසුබෑම තවත් පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කලා. මේ සියල්ල අතරේ නසාර් හුසේන්ගේ අපහාසයන්ට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳ පිළිතුරක් ඔහුට ලබා දුන්නා.
නවකයන් අත්හදා බලන බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කලත් එංගලන්තය සමඟ පළමු තරඟයට ක්‍රීඩා කල කණ්ඩායමේ නොසිටියේ මැතිව්ස් සහ මාලිංග පමණයි. එතකොට අත්හදා බලන නවකයන් කෝ? කලකට පසු සුඔඉරි ඉනිමක් ක්‍රීඩා කල දසුන් සහ වනිඳුගේ දස්කම් තරඟාවලි ජයග්‍රහණයට සෑහෙයිද? අද තරඟයේ කණ්ඩායම කවුරු විය යුතුද?
ෆියර්ලස් ක්‍රිකට් ගහන්නෙ කොහොමද? එංගලන්තයට එරෙහි පළමු 20-20 තරඟයට එන ශ්‍රී ලංකා කණ්ඩායම කවුද? මේ තරඟවලියේ ජයග්‍රහණය අපට වැදගත් වෙන්නෙ කොහොමද?
ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ පෙර සූදානම ගැන මිකී ආතර් මාධ්‍ය හමුවේදී කතා බහ කලා. මාධ්‍ය මතු කල ප්‍රශ්න වලට මිකී ඉළිතුරු දුන්නේ මෙලෙසින්.
ලෝක කුසලාන අවසන් මහා තරඟය ජූනි 18 වෙනිදා ආරම්භ වෙනවා. මේ තරඟය විසඳුමක් කරා ගෙන යාම වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. එංග්ලන්ත කාලගුණය මේ සඳහා ඉඩ ලබා දේවිද? අවසන් තරඟයට එක්වන කණ්ඩායම් කොයි විදියට සකස් වෙයිද? #WTCFinal #CrickVidu #PeraDakma
ඇමරිකාවේ ලීග තරඟාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් රැසකට දැනටමත් ඇරයුම් ලැබිලා. ඒ අතරින් බොහෝ දෙනෙකුට ඇමරිකා ජාතික කණ්ඩායමට එක්වන ලෙසත් ආරාධනා කර තිබෙනවා. ක්‍රීඩකයන්ට රට හැර යන තත්වයට බලපාන ප්‍රබල හේතු මොනවද? රට හැර ගිය ක්‍රීඩකයන් නොකියන තිත්ත ඇත්ත. Chapters: 0:00 හඳුන්වාදීම 1:36 ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නෙ සල්ලිවලට විතරද? 7:40 කොන්ත්‍රාත් එකේ ගැටළුවකට ප්‍රායෝගික විසඳුමක් 10:40 ක්‍රීඩකයො රට දාලා යන ඇත්තම හේතුව සහ පළමු පෙළ ක්‍රිකට් වැටුන හැටි
තම මංගල ටෙස්ට් තරඟයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කරන්න Devon Conway සමත් වුනේ එංගලන්තය පමණක් නොව ක්‍රිකට් ලොවම කළඹමින්. ඔහු උපන් රටට වටිනාකමක් නැති මේ ක්‍රීඩකයාගේ විස්මිත ජීවිත කතාව අද කෙළිබිමේ කෙලි තුලින්.