Naifm's user profile page. Match highlights, posts and more on site!

“”

 Report User

Highlights

ලංකාවට සෙමි ෆයිනල් යන්න අවස්ථාවක්... කරන්න ඕන දේ මෙන්න..  | Sri Lanka vs Australia T20 Highlights
ලංකාවට සෙමි ෆයිනල් යන්න අවස්ථාවක්... කරන්න ඕන දේ මෙන්න.. | Sri Lanka vs Australia T20 Highlights

2022 T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.මෙම පරාජය හමුවේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන සහ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිවන ස්ථානය පිළිබඳව මෙම වීඩියෝව තුළ සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.එසේම තරගය අවසන් වීමෙන් සුළු මොහොතකට පසු ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු වේග පන්දු යවන්නා ලසිත් මාලිංග තරගය පිළිබඳ දැක් වූ අදහස් කිහිපයක් ද ඒ තුළ අන්තර්ගතයි.



සුපිරි 12න් ලංකාවට ගොඩයන්න ඕනනම් දාන්න තියෙන අන්තිම තුරුම්පුටික මෙන්න | T20 World Cup Sri Lanka Team
සුපිරි 12න් ලංකාවට ගොඩයන්න ඕනනම් දාන්න තියෙන අන්තිම තුරුම්පුටික මෙන්න | T20 World Cup Sri Lanka Team

ශ්‍රී ලාංකික අපේ හදවත්වල ගැස්ම,බලාපොරොත්තු, ඉහළම තලයක රඳවල, ශ්‍රී ලංකා ක්‍රිකට් අපේ සිංහයෝ ටික, 2022 20/20 ලෝක කුසලාන තරගාවලියේ Super 12 නැත්නම් සුපිරි 12 දෙනාගෙ වටයට අද දවසේ සුදුසුකම් ලැබුව.ඒ මුලික වටයේ පෙරමුනේ හිටිය නෙදර්ලන්තය අපේ සිංහයො ලග දනගස්සල.මේ වගේම වැටි වැටී නැගිටල දිනපු ආසියානු ක්‍රිකට් ශූරතාවෙ උනුසුම ගිලිහී යන්නටත් කලින් අවස්ථාවක් ලැබුනු මේ ලෝක කුසලානය අපිට හිමි කරගන්න පුලුවන් කියල අපේ ක්‍රීඩකයෝ වගේම සමහර ප්‍රවීන විචාරකයින් කියද්දි ඇත්තටම අපිට ඒ කියන තරම් ම දිනන්න පුලුවන්ද? අනෙක් ප්‍රබල රටවල් කොහොම ශක්තියකින්, කොහොම ගැම්මකින් මේ තරගාවලියට එනවද?අපි ලග ඒවාට තියන තුරුම්පු මොනවද ?කියල අද අපි ගවේශනය කරපු දේවල් විශ්ලේශනාත්මකව ඉදිරිපත් කරනව.රැදෙන්න වෙනද වගේම අදත් අපි එක්ක,



T20 ලෝක කුසලානයේදී පැතුම්ට සහ වනිදුට වෙන්න යන දේ ගැන අනාවැකියක් | T20 World Cup Prediction 2022
T20 ලෝක කුසලානයේදී පැතුම්ට සහ වනිදුට වෙන්න යන දේ ගැන අනාවැකියක් | T20 World Cup Prediction 2022

මීට අවුරුදු 8කට කලින් 2014 T20 ලෝක කුසලානය අපේ මේ පුංචි රට දිනාගත් සුන්දර මොහොත.කොහොම අමතක කරන්න්ද?ඔන්න දැන් ආයෙත් අවස්තාවක් උදාවෙලා තියනව. අපිට ඒ දස්කම නැවත වාරයක් ලෝකෙටම පෙන්වන්න.මේ වෙනකොටත් සියලු කටයුතු සූදානම් කරල තියන තරගාවලිය Australia සත්කාරකත්වයෙන් 2022 වසරේ පැවත්වෙනව.ශ්‍රී ලංකාව  මේ තරගාවලියට ඇතිලත් වෙන්නේ ලෝකේ විශාලතම මහද්වීපයේ ඒ කියන්නේ ආසියාවෙ ශූරයෝ විදියට.ඉතින් අද අපි කතකරන්න හදන්නෙ අපේ කන්ඩායම මේ පාර කුසලානය  ගන්න සැලසුම  මොකද්ද …අපි දිහා බලන් ඉන්න විචාරකයො මොනවද කියන්නෙ අපේ කන්ඩායමට තියන අභියොග මොනවද කියන කාරනා අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම්..



අවසන් පූර්ව තරඟයේ ශ්‍රී ලංකාවට විශාල අසාදාරණයක්..ඉන්දියාව ගහපු ගේම් එක හෙළිවෙයි |SL vs WI Legend Cup
අවසන් පූර්ව තරඟයේ ශ්‍රී ලංකාවට විශාල අසාදාරණයක්..ඉන්දියාව ගහපු ගේම් එක හෙළිවෙයි |SL vs WI Legend Cup

ක්‍රිකට් කියන්නේ ලෝකයට මහා දැවැන්ත චරිත නිර්මාණය කරපු ක්‍රීඩාවක්. ඒ වගේම ක්‍රිකට් කියන්නේ ලෝකයක් අවදියෙන් තියන්න උද්යෝගයෙන් තියන්න සමත් වුන ක්‍රීඩාවක්.මේ උද්යෝගිමත් ක්‍රීරීඩාව පවතින තත්ත්වයට අරගෙන එන්න නට ක්‍රිකට් වලින් සමු අරගෙන ඉන්න ප්‍රවීනයන් දුන්නෙ පුදුමාකාර ගැම්මක්. ඒ වගේම රට රටවල් වල කාලෙන් කාලෙට මේ ක්‍රීඩාවෙන් උමතුවුන ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කරන්න ඔවුන් සමත් වුණා. හරියටම කිව්වොත් ලෝකෙ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව වගේම කෙ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ක්‍රීඩාවක් බවට ඔවුන් ක්‍රිකට් පත් කළා. ප්‍රවීණයන්ගේ තරගාවලිය ආරම්භ වන්නේ එකී ප්‍රවීණයන්ට ගරු කිරීමක් වශයෙනුයි . එසේම මෙම තරගාවලිය තුළ ඩිල්ෂාන් ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රවීණයනුත් අපිට ක්‍රීඩාවේ අතීතය මතක් කරලා දෙද්දී අපි අද මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ legends cricket තරගාවලිය තුළ ්‍රීඩාවට එහා ගිහින් සිද්ධ වෙන අසාධාරනකම්, ප්‍රසාද ලකුණු පුවරු පවා වෙනස් කරමින් ඇතැම් රටවල් තරගාවලියේ ජයග්‍රහණය ට උත්සාහ ගැනීම පිළිබඳවයි.



ලංකාවෙන් බිහිවුනු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සල්ලි මවන මන්දිරවල ඇත්ත කතාව | Sri Lanka Cricketers
ලංකාවෙන් බිහිවුනු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සල්ලි මවන මන්දිරවල ඇත්ත කතාව | Sri Lanka Cricketers

ලංකාවේ බිහිවුණු සුපිරිම ක්‍රිකට් තරු අද ගෙවන ජීවිතය සහ ඔවුන් මේ වන විට පවත්වාගෙන යන ව්‍යාපාර වල සත්‍ය කතාවයි අද අපි ඔබ වෙත ගෙන එන්නේ..



T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup
T20 ලෝක කුසලානය ලංකාවේ කොල්ලෝ ජය ගන්නවා | සුප්‍රසිද්ධ අනාවැකිකරුවන් කියයි | SL Cricket T20 World Cup

ආසියානු කුසලානය පසුගිය දවස් වලදී විජයග්‍රාහීව නිමා කරන්නට අපේ සිංහයන් සමත් වුනා. ප්‍රශ්ණ වලින් පීඩිත වෙලා හෙම්බත් වෙලා හිටපු අපේම මිනිස්සුන්ට ජයග්‍රහනයක සේයාවක් අරන් එන්න සමත් වුන අපේ ක්‍රිකට් කණ්ඩායම දැන් සූදානම් වෙන්නේ ටී ටුවෙන්ටි ලෝක කුසලානයටයි. මේ වෙනකොටත් අපේ ක්‍රිකට් කණ්ඩායම එක්ක බැදුණු ආන්දෝලනාත්මක ප්‍රකාශ ගොඩක් ක්‍රීඩා ලෝකය පුරාම සංසරණය වෙමින් තියෙනවා. වසර ගනනාවක් තිස්සේ ටක්කෙටම අනාවැකි කියපු ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය ජෝතිශ්‍යවේදියෙක් වෙන මොහිදුර් ජයදූර අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන කියපු අනාවැකිය ගැනත් පකිස්තාන ක්‍රිකට් කන්ඩායමේ හිටපු නායක වකාර් යුනිස් දසුන් ශානක ගැන කියපු පුදුම හිතෙන අනාවැකිය ගැනත් අපි ඔයාලට කියන්න සූදානම්. ඒ විතරක් නෙමෙයි මහේලයි, මාලිංගයි එකතු වෙලා ලෝක කුසලානෙ දිනන්න ගහන්න යන ගේම මොකද්ද කියලත් අපි ඔයාලට කියනවා. රැදිලා ඉන්න අපිත් එක්කම ක්‍රිකට් ඉතිහාසයේ ලියවෙන මේ ස්වර්ණමය පරිච්ජේදයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයාට ලැබෙන හොදම අවස්ථාවක් තමයි මේ. _____________________________________________________ A strong prediction about the Sri Lanka team - Sri Lanka cricket - ikka slk Cricket fans are very interested in the Sri Lanka cricket team and the World Cup 2022. Many predictions have been made about the Sri Lanka cricket team and the World Cup 2022 tournament. The Sri Lanka cricket team and the World Cup 2022 match will be held in Australia this year. The strong Sri Lanka group for this year's World Cup 2022 competition has been named. The Sri Lanka cricket team has named its strong players for this year's World Cup 2022 tournament. The Sri Lanka cricket team has become the most talked about team after winning the Asia Cup. This description is a prediction about the Sri Lanka group in the World Cup 2022. sri lanka cricket Sri Lanka cricket ikka slk cricket ikka Sri Lanka Cricket cricket highlights crciket highlights sri lanka cricket highlights Sri Lanka cricket highlights



ක්‍රිකට් ගැහුවට මෙයාලා මෙහෙම අය කියලා කවදාවත් හිතුවද? | Sri Lanka Cricketers | Naifm Infohub
ක්‍රිකට් ගැහුවට මෙයාලා මෙහෙම අය කියලා කවදාවත් හිතුවද? | Sri Lanka Cricketers | Naifm Infohub

ලංකාවේ මොන ක්‍රීඩාව තිබුනත් ක්‍රිකට් තරම් මිනිස්සුන්ගේ ලේ වලට කා වැදුනු වෙන කිසිම ක්‍රීඩාවක් නැති තරම්. ක්‍රිකට් වගේම ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයන්ටත් අපේ මිනිස්සු දක්වන්නේ පුදුමාකාර ආදරයක්. සදාකාලිකවම මිනිස්සුන්ගේ හිත් වල ලැගුම් ගත්තු සනත් ජයසූරිය, අරවින්දද සිල්වා, තිලරත්න ඩිල්ෂාන්, මුරලිදරන් වගේම සුපිරි කොල්ලො සෙට් එකක් ආයෙමත් අපිට දැන් ඉන්නවා. තරගයක් දිනයිද කියල බයේ හිටපු මැච් වල කප් එකත් අරගෙන එන්න තරම් දක්ෂ මේ කොල්ලෝ ටික නිසා ලංකාවේ මිය යමින් තිබ්බ ක්‍රිකට් දැන් පන ගැහෙමින් තියෙනවා. මේ පොඩි කොල්ලො ටික තියපු වාර්තා, රැස් කරපු ලකුණු ඇරුනම එයාලගේ ජීවිතේ කවුරුත් නොදන්න රසබර කතන්දර ගොඩක් අපි ඔයාලා වෙනුවෙන් අද සූදානම් කලා. ඉතින් රටම දන්න අපේ කොල්ලන්ගෙ කවෘරුත් නොදන්න මේ විස්තර ටික එකක් වත් මග හරින්නේ නැතුව බලන්න කියල මතක් කරන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub



ලංකාවේ ක්‍රීඩකයින් 5ක් සුපිරි 11 දෙනා අතරට.. අපේ කොල්ලන් පාච්චල් කරපු හැමෝටම සැර කතාවක් | SL Cricket
ලංකාවේ ක්‍රීඩකයින් 5ක් සුපිරි 11 දෙනා අතරට.. අපේ කොල්ලන් පාච්චල් කරපු හැමෝටම සැර කතාවක් | SL Cricket

ආසියානු කුසලානෙන් පසුව ක්‍රිකට් විචාරකයින් විසින් නම් කරපු සියාවේ සුපිරිම ක්‍රීඩකයින් 11 ඔබ හමුවේ රැගෙන එන්නටයි මේ වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. දසුන් ශානක ඇතුළු ලංකාවේ සුපිරි ක්‍රීඩකයන් පස් දෙනෙක් මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙනවා. තින් මේක තවත් ලොකු ජයග්‍රහණයක්. එම ජයග්‍රහණයේ සතුට විඳින්න අනිවාර්යෙන්ම මේ වීඩියෝව නරඹන්න. _________________________________________________ ⭕Nai FM On Social Follow Us 🐍 Web: https://naifm.lk/ 🐍 Facebook Page: https://www.facebook.com/naifmradio 🐍 Instagram: https://www.instagram.com/naifm.im/ #naifm #infohub




« Previous Next »


User Detail Page

You can find user latest posts and related content on the page. Friends, comments for events / matches are also available on the page. Even you can find users who are same pleasure with current user.

#Travel, #SupportYourTeam, #AllAboutSports