ආබාධ නිසා සුරංග , චන්දිමාල් , වනිඳු නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? දික්වැල්ලට අභියෝගයක් වෙන ඔස්ට්‍රේලියා නායකයා! Sri Lanka vs South Africa 2nd Test will be starting on 3rd Jan 2021 at Wanderers Stadium, Johannesburg. Sri Lanka lost their key players due to injuries. What are their game plans with youngsters? Niroshan Dickwella behind a world record for most consistent test batsman without a century.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරේ 20-20 අන්තර්ජාතික තරඟාවලිය ඔක්තෝබර් 9 වෙනිදා ඇරඹෙන්නේ රාවල්පින්ඩියේදී. කණ්ඩායම් දෙකම වෙනස්කම් රැසක් එක්ක තරඟාවලියට අවතීර්ණ වෙන්නෙ අභියෝගාත්මක වාතාවරණයක් මැද. කණ්ඩායම් දෙකේ තරඟ සැලසුම් මොනවගේ වෙයිද. වැඩි වාසිය කාටද?
ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරඟාවලිය ආරම්භ වෙන්නෙ ඔක්තෝබර් 9 වෙනිදා. 20-20 තරඟාවලිය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩියේදී. ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් මේ තරඟාවලියට බලපාන්නෙ කොහොමද? කතා කරමු තරඟාවලි පෙර දැක්මෙන්.
ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරමින් එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සමතත්වයට පත් කරන්න සමත් වුනා. කුසල් මෙන්ඩිස් සහ දුනිත් වෙල්ලාලගේ සමඟින් විශිෂ්ට දස්කම් පෙන්වන්න අපේ කොල්ලො ටික සමත් වුනේ තියුණු සටනක් හෙඩිංලි පිටියේ නිර්මාණය කරමින්. තරඟයේ නොදුටු කතා ගැන මේ එපිසෝඩ් එකේ අවධානය යොමු කරමු.
ශ්‍රී ලංකා පිල පළමු එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කළේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දක්වමින්. කුසල්, පැතුම්, මහීෂ් සහ දුෂ්මන්තගේ දක්ෂතා මෙහිදී කැපී පෙනුණා. 13 වසරකට පසු කොදෙව් බිමේ කොදෙව්වන්ට එරෙහිව එක්දින ජයක් ලබන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එකක් නිමා වුනේ අවසන් පන්දුවාරයේ එකක් ලබාගත් දිල්ෂාන් මධුශංකගේ විශිෂ්ට පුනරාගමනයත් සමඟින්. තියුණු තරඟ අවසානයක් කරා ගිය මේ තරඟය ගැන පෙර දැක්මේ විශ්ලේෂණ රැසක් සත්‍ය වුනා. තරඟයේ විශේෂ වාර්තා මොනවාද? #crickvidu #slvszim #peraDakma
බංග්ලාදේශය අන්දමන්ද කරමින් පළමු 20-20 තරඟයෙන් විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කලේ තරඟාවලියට සාර්ථක ආරම්භයක් ලබාගනිමින්. ශ්‍රී ලංකාව මේ තරඟයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාවලට ඉදිරි තරඟවලදී අභියෝග කරන බවයි බංග්ලාදේශ පුහුණුකරුවන් පවසන්නේ. #crickvidu #SLvsBAN #crickvlog
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරේ 20-20 තරඟාවලියට කණ්ඩායම් දෙක නම් කල සංචිත අතරින් වඩා ප්‍රබල මොන සංචිතයද? කලකට පසු සංචිතයට එන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට වැඩ පෙන්නන්න ඉඩ ලැබෙයිද? #crickvidu #slvsban #squadanalysis
96 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය සිහි කරමින් 100/1 ක් තිබ්බ බංග්ලාදේශ ලකුණු පුවරුව 105/8ක් බවට පත් වුනේ ජනිත්,වනිඳු සහ කමිඳුගේ මැජිකල් පන්දු යැවීමත් සමඟින්. මේ තරඟය සජීවීව බලපු කාටත් කිසිදාක අමතක නොවෙන තරඟයක් බවට මෙය පත් වෙන්නෙ එක්දින පිටියේ දරුණුතම කඩාවැටීමට බංග්ලාදේශය මුහුණ දීමත් සමඟින් #crickvidu #SLvsBAN #WTC2027