ශ්රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා. තරුෂි අභිෂේකා සටහන් කළ කාලය මිනිත්තු 2යි තත්පර 14යි දශම 8යි 6ක්. ඒ අනුව ඇයට රන් පදක්කම හිමි විය. රිදී පදක්කම චීනයට හිමි වූ අතර ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ පිලිපීනයයි.