ලංකාවේ ක්‍රිකට් වල මාරයාඉදලා තියෙන්නේ ජර්සි එකේද? | Secret Behind Sri Lankan Cricket Sponsorship by @Naifm - Post Details

ලංකාවේ ක්‍රිකට් වල මාරයාඉදලා තියෙන්නේ ජර්සි එකේද? | Secret Behind Sri Lankan Cricket Sponsorship

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මීට වසරකට විතර කලින් තිබුනේ කොහොමද කියල ඔයාලට මතක ඇති. අඩු ලකුණු වලට අවුට් වෙලා හිතා ගන්න බැරි විදියේ පරාජයන් වලට මූහුන දීපු අපි ටික ටික ආයෙමත් පුරුදු තරග රටාවට අවතීර්න වුනා. ඒකේ උපරිම පලය අපි නෙලා ගත්තේ ආසියානු කුසලානය ලංකාවට ගෙනාවට පස්සෙ. අරවින්දලගෙන් පටන් අරගෙන මහත්මා ක්‍රීඩාවක නිරත වුන අපේ ටීම් එකට දැන් ටික ටික කළු පැල්ලම් එකතු වෙන්න අරගෙන. ධනුෂ්ක ගුණතිලක නිසා අපේ ශ්‍රී ලංකාවේ නම ලෝකය පුරා ක්‍රීඩා පුවත් වල හැමදාම වගේ කියවුනා. ක්‍රීඩකයෝ එහෙම කරද්දී පාලකයොත් ඊට නොදෙවෙනි වැඩක් අපේ ක්‍රිකට් ටීම් එකට කරලා තියෙනවා කියල මේ වෙනකොට ඔයාලත් දන්නවා ඇති. අපේ ක්‍රීඩකයෝ ටික රේස් බුකියකට විකුණන්න අවසර දුන්නේ කවුද? දැනටමත් අපේ ක්‍රීඩකයෝ විකිණිලාද? අපිට බලෙන්ම ස්පොන්සර් කරන්න ආපු මේ බුකී කාරයෝ ටික එලි පිටම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිරුවත් කරලා ඉවරද? අපි ඒ ගැන හැමදේම මේ විඩීයෝවෙන් කතා කරනවා. එහෙනම් රැදිලා ඉන්න මේ විඩීයෝවේ අවසානය වෙන තුරුම.

Similar Posts!

තමිල් නාඩුව හොල්ලන ශ්‍රී ලංකාවේ පුංචි කොල්ලා මතීෂ පතිරණ ලසිත් මාලිංගත් පසු කරයි? Matheesha Pathirana
තමිල් නාඩුව හොල්ලන ශ්‍රී ලංකාවේ පුංචි කොල්ලා මතීෂ පතිරණ ලසිත් මාලිංගත් පසු කරයි? Matheesha Pathirana

අපේ රටේ ජනප්‍රියම වැඩිම දෙනෙක් ආදරය කරන ක්‍රීඩාව මොකද්ද කියල ඇහුවොත් අපිට දෙන්න පුළුවන් සරලම සහ නිවරදිම උත්තරය තමයි ක්‍රිකට් ක්‍රීඩාව. අපේ රටේ රසිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට කොයිතරම් ආදරය කරනවාද කියනවා නම් අපේ ක්‍රීඩකයන් ක්‍රීඩාව තුලින් සාර්ථක වෙද්දීත් අසාර්ථක වෙද්දීත් කණ්ඩායම සමග සිටිමින් ඔවුන් ශක්තිමත් කරන්නට අපේ රසිකයන් අමතක කරන්නේ නැහැ. ඉතින් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහිවුණ දක්ෂ ක්‍රීඩකයෙක් වුන මතීෂ පතිරණ මේ වෙනකොට මුළු ලෝකයේම ජනප්‍රියත්වය ආදරය දිනා ගත්තු ක්‍රිකට් තරුවක් බවට පත් වෙලා අවසානයි. මේ නිසාම ෆේස්බුක්, ටික්ටොක් වගේ සමාජ ජාල වල මේ දවස් වල මතීෂ පතිරණ ගැන වැඩි වැඩියෙන් කතා වෙන්නට පටන් අරගෙන. ඉතින් ඉන්දියාවේ උන්මාදයක් බවට පත් වුන ලංකාවේ අපේ සුපිරි තරුව, මතීෂ පතිරණ ගැනයි අපි අද වීඩියොවෙන් කතා කරන්නේ.



දසුන් ශානකට මුලු ඉන්දියාවම පිස්සුවෙන් වගේ ආදරය කරන්නේ මේ නිසාද? | Dasun shanaka | India Vs Sri Lanka
දසුන් ශානකට මුලු ඉන්දියාවම පිස්සුවෙන් වගේ ආදරය කරන්නේ මේ නිසාද? | Dasun shanaka | India Vs Sri Lanka

ලංකාවේ ක්‍රිකට් තරුවක් වන දසුන් ශානක ගැන මේ වන විට ලංකාව වාගේම ඉන්දියාවේද ලොකු කතාබහකට ලක්ව තිබෙනවා. ඒ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා සංචාරයේදී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස කණ්ඩායමේ නායකාගේ පිතිහරඹයන් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇදගන්නා නිසාවෙනි.. ඉතිං අද naifm infohub තුළින් අපි කතා කරන්නේ දසුන් ශානක ගැන ඔබ නොඇසූ කතාවක් ගැනයි.. #dasunshanaka #slvsind #srilankacricket



ආජන්ටිනාවට ජය ගෙනා ලියොනල් මෙසී තැබූ සුපිරි ලෝක වර්තාව | FIFA World Cup Final Highlights | ARG vs FR
ආජන්ටිනාවට ජය ගෙනා ලියොනල් මෙසී තැබූ සුපිරි ලෝක වර්තාව | FIFA World Cup Final Highlights | ARG vs FR

2022 FIFA ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේ ශූරතාව දහස් සංඛ්‍යාත ප්‍රෙක්ශකයන් හා ලොවපුරා පා පන්දු ලෝලින්ගෙ හද ගැස්ම වැඩිකරමින් තරගයේ අන්තිම මිනිත්තු කීපයේදී වසර 36කට පසු ගියවර ලෝකශූරයන් වුනු ප්‍රංශය පරදල කුසලානය තමන් සතු කරගන්නට ලෝක ශූර ආජන්ටිනා කන්ඩායම ඊයෙ රාත්‍රියේදී සමත්වුනා.කන්ඩායමේ නායක ලියොනල් මෙසී ගේ අවසාන තරගය වගේම ලෝකශූර මැරඩෝනාගේ නායකත්වයෙන් පසු ලෝක කුසලානයක් හිමිකරගත් මීලග ආජන්ටිනා නායකයා ලෙස මේ තරගයේ මෙසී ඉතිහාස ගත්වෙද්දි මේ උද්වේගකර තරගයේ උනුසුම් අවස්තා,ශුරතාවයේ වටිනා කම,මෙසීග මීලග සැලසුම මොකද්ද ?මේ වගෙ කරුනු කීපයක් අද අපේ විඩියෝ එකෙන් කතාකරන්න බලපොරොත්තුවෙනවා.රැදෙන්න අදත් මේ වීඩියෝ එකත් එක්ක අවසානය තෙක්ම.



පාපන්දු ලෝකයේ සුපිරි දැවැන්තයාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය   | Cristiano Ronaldo Life Story
පාපන්දු ලෝකයේ සුපිරි දැවැන්තයාගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය | Cristiano Ronaldo Life Story

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුන විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා.2022 කටාර් පාපන්දු ලෝක කුසලානයේදී තම අවසාන ලෝක කුසලාන අත්දැකීම ලබන රොනාල්ඩෝ ඉදිරියට පාපන්දු ක්‍රීඩාව තුළ ලැබේවිද ? ක්‍රීඩාවෙන් උපයපු අති මහත් ධනස්කන්ධය ට රොනාල්ඩෝ සිද්ධ කරන්නේ කුමක්ද ? අනික් ක්‍රීඩකයින් බොහෝදෙනෙක් ශරීරයේ පච්ච කොටාගෙන සිටිද්දි රොනාල්ඩෝගේ ශරීරයේ එවැනි කිසිම ආකාරයක පච්චයක් දකින්නට නොලැබෙන්නේ ඇයි ? බොහෝ දෙනෙක් නිතර නගන නමුත් පිළිතුරු නොදන්නා මේ ප්‍රශ්න කිහිපයට ම මේ විඩියෝවෙන් අපි ඔබට පිළිතුරු දෙන්න සූදානම්..



ලංකාවේ අවසන් තුරුම්පුවත් එළියට යද්දී වනිඳු ගැන ප්‍රධාන පුහුණුකරු දුන් නිවේදනය මෙන්න | SL vs Aus 2022
ලංකාවේ අවසන් තුරුම්පුවත් එළියට යද්දී වනිඳු ගැන ප්‍රධාන පුහුණුකරු දුන් නිවේදනය මෙන්න | SL vs Aus 2022

T20 ලෝක කුසලාන තරඟාවලිය තුළ සුපිරි දොළොස් දෙනාගේ වටේ පැවැත්වීමට නියමිත තරග අතුරින් ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නේ නවසීලන්තය,එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර ඉදිරි තරඟ කිහිපයයි..එම තරග තුළින් ඇති විය හැකි තත්වයන් මත අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නේ කොයි ආකාරයෙන්ද යන්න මෙම වීඩියෝ තුළින් අප ඔබට තොරතුරු ගෙන ඒමට සූදානම්.එසේම බිනුර ප්‍රනාන්දු ඉවත් වී ගිය පසු ශ්‍රී ලංකාවක් කණ්ඩායමේ වේගපන්දු බල ඇණිය පිලිබඳවත්,ඉදිරි තරග සඳහා වනිදු ගේ සහභාගීත්වය පිළිබඳ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ගත් තීරණය වීඩියෝ තුළ සඳහන්..